එක පුටුවට සභාපතිවරු දෙන්නෙක්


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති  වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව  එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කර තිබේ.

ඔහු  අද (6) උදෑසන එම ධූරය බාරගත්තේය.

මෙම නව පත්වීම පිළිබඳව හෝ තමාට ධුරයෙන් ඉවත් කළ බවට හෝ ඉල්ලා අස්වන ලෙස හෝ අමාත්‍යාංශයෙන් කිසි`දු දැනුම්දීමක් නොකළ බවත් තවත් අයෙකු පත් කරන බව හෝ දැනුම් නොදුන් බවත් වෛද්‍ය නිලංග සමරසිංහ මහතා කියයි.

තමා ධුරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම් එවැනි අවශ්‍යතාවයක් තිබිය යුත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් බව ද ඔහු පවසයි.

මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, රේගුව ආදී සියලූ අංශ සම්බන්ධ කරගත් විශේෂ සැලැස්මක් තමා මේ වන විට සකස් කර එය අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන බව කී ඒ මහතා එය ක‍්‍රියාත්මක වනවාට බියේ තමා ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කරයි.