එංගල්නත රජ පවුලට ඉන්දියා ජාන


බ්‍රිතාන්‍යයේ ඔටුන්නට ඉන්දියාවේ ලේ නෑකමක් ඇතිවේයැයි එඩින්බරා සරසවියේ ජාන විශේෂඥ මහාචාර්ය ජිම් විල්සන් මහතා පවසයි. ඔටුන්න හිමි දෙවැන්නා වන විලියම් කුමරුගේ සමීතම ඥාතීන්ගෙන් ලබාගත් ජාන පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශකැර තිබේ. මහාචාර්ය වරයා පවසන්නේ විලියම් කුමරුගේ මව වූ ඩයනා කුමරියගේ මී මුත්තා ස්කොට්ලන්ත ජාතික තියඩෝර් ‍‍ෆෝබ්ස් නමැත්තෙකු බවයි. ඔහු නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගමක සේවය කළ කාලයේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ සුරත් නගරයේ වාසය කළ බවත් එකළ ඔහුගේ නිවසේ සේවය කළ සුරූපී එලිසා කෙවන් නමැති ඉන්දීය තරුණියකට ‍ෆෝබ්ස්ට දාව දරුවන් දෙදෙනකු ලැබුණු බවත් විලියම් කුමරුගේ පෙලපත පැමිණි ආකාරයේ දැක්වේ. ඒ දියණියන් දෙදෙනා අතරින් ෂෑන් කිඩ් පසු කළෙක ජෝන් ස්පෙන්සර් සමග විවාහ වීමෙන් 1961 ජූලි 01 දා ඩයනා කුමරිය උපත ලැබුවාය. ජාන සම්බන්ධතාවය පරපුරෙන් පරපුරට උරුම වන්නේ මව් පාර්ශවයෙන් බැවින් ඉන්දියාවේ එලිසා කෙවන්ගේ ජාන විලියම් කුමරු දක්වාම සෘජුවම පැමිණ තිබේ. එය දැන් පර්යේෂණ මගින් සනාථ වී ඇත. නමුත් විලියම් කුමරුගේ දරුවන්ට ඉන්දීය ජාන නොලැබෙන බව ද මහාචාර්ය විල්සන් පවසයි.