ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කීන් දඹානේ කොටබකිනියේ ආදීවාසී ගම්මානයට පැමිණ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු විය.
කුරක්කන් රොටී ,මී පැණිවලින් හා බෙලි මල් වලින් ඔහු සුදු අමුත්තන්ට සංග්‍රහ කළේය.
තම රැහේ දරුවන්ගේ සරසවිය මහ කැලය වුවත් එහි ඇතුළු විය නොහැකි තත්ත්වයක් ඇතැයි ආදී වාසී නායකයා මහ කොමසාරිස්වරයාට කීවේය.
ආදී වාසී සිරිතට ආදීවාසියකු කොමසාරිස්ට ආශිර්වාද කළේය.











