මේ අවුරුද්දේ එංගලන්තයේ හේමන්ත ඍතුව ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ලෙස දැඩි සීතලකින් යුක්ත වියහැකි ලකුණු කාලගුණ නිමිති වලින් පෙනී යන බව බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇත.
මෙම අධික සීතල දේශගුණ විපර්යාශයේ ප්‍රතිඵලයක් ලෙස ලබන සඳුදා සිට අඩුම වශයෙන් දින සීයක් යනතුරුවත් බ්‍රිතාන්‍යය පුරා අධික ලෙස නිරන්තර හිම වර්ෂා කඩා හැලීමට හොඳටම ඉඩ ඇති බව ඔවුන් දන්වා ඇත.
මින් පෙර මෙවන් අධික සීතල දේශගුණයක් ඇතිවූයේ 1947දි බව ද ලබන අවුරුද්දේ ජනවාරි මාසය සීතල දේශගුණය අධිකවම පවතින කාලය වියහැකි බවද ඔවුහු පවසති.
උත්තරද්‍රැව ප්‍රදේශයේ සිට හමාඑන සීතල සුලඟේ ඝනත්වය අධික වීම මෙම අසාමාන්‍ය කාලගුණ විපර්යාසයට හේතුව ලෙස අනුමාන කර ඇත.
බ්‍රිතාන්‍යයට ඉහලින් ඇති වායුගෝලයේ රැඳෙන සීතල වාතය පල්වීම හේතුවෙන් එමඟින් ඇදහැලෙන වර්ෂාව නියත වශයෙන්ම හිම කුට්ටි බවට පරිවර්ථනය වන බව කියන කාලගුණ නිරීක්ෂකයන් මෙම පරිවර්ථනය අඩුම වශයෙන් ලබන අවුරුද්දේ මාර්තු මාසය තෙක් පැවතිය හැකි බව ද කියති.
මෙවන් දීර්ග කාලීන සීත කාල ගුණයක් පැවතුනහොත් ඒ හේතුවෙන් අසනීප වන ජනතාව සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමේ ගැටළු මතුවිය හැකි බවට රෝහල් පාලකවරුද අනතුරු හඟවා ඇත.
සැම වසරකම ශීත ඍතුවේදී අවම වශයෙන් මහල්ලන් 25,000ක ප්‍රමාණයක් මියයති. මේ අනුව සීත කාලගුණය අධික වීමත් කලින් අවුරුදුවලට වඩා දීර්ඝවීමත් හේතුවෙන් මේ අවුරුද්දේ සීතලෙන් මියයාහැකි සංඛ්‍යාව අධික ලෙස ඉහල යාහැකිබව දොස්තරවරු දන්වා ඇත.

