එංගලන්තයට ලකුණු 31 ක ජයක්


එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 31 ක ජයක් අත්කරගත්තේය.  

තරගය සඳහා වාර්ෂාවෙන් බාධා ඇතිවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර ඩක්වර්ත් - ලුවිස් ක්‍රමය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් රැස්කළ යුතුව තිබිණ.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 278 ක් ලබාගත්තේය. ලසිත් මාලිංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

විස්තරාත්මක වාර්තා සඳහා  http://www.kelimandala.lk/  වෙත පිවිසෙන්න