එංගලන්තය සිරියාවට මාරක රසායන විකුණලා


සාරින් නම් මාරක ගෑස් වර්ගය නිපදවීම සදහා බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් සිරියාවට සෝඩියම් ෆ්ලෝරයිඩ් රසායනය විකිණූ බව බ්‍රිතාන්‍යයේ ‘මේල්‘ පුවත්පත කියයි.

මෑතදී මෙම මාරක ගෑස් ගැසීම නිසා 1400ක් මරුමුවට පත්වූහ.

2004 ජූනි හා 2010 මැයි කාලයේදී බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් එම රසායනය විකිණූ බව බ්‍රිතාන්‍ය රජය පිළිගත්තේය.

එය මාරක රසායන සම්බන්ධයෙන් පවතින අන්තර්ජතික නියමාවලිය පැහැදිලි ලෙසම උල්ලංගනය කිරීමක් බවත් කියති.

සිරියාවේ සුවඳ විලවුම් සමාගමක් නමින් මෙම රසායනය යවා ඇති බවත්, සිරියා ජනාධිපති අසාද් එවැනි සමාගම්වලින් අවි නිපදවීම සඳහා රසායන ලබා ගන්නා බවත් කියති.

මෙම සාරින් ගෑස් සයිනයිඩ් විසට වඩා පන්සිය වාරයක් දරුණු බවත්, එය ආග්‍රහනය කිරීමට හෝ හමෙන් සිරුටට ඇතුළු කිරීමට හැකි බවත්, අධි මාත්‍රාවකින් පෙනහළු මාංශපේෂී ක්‍රියා විරහිත වී මිනිත්තු ගණනකදී කෙනකු මරා දැමිය හැකි බවත් විද්‍යාඥයෝ කියති.