එංගලන්තය සහ ඕස්ටේ‍්‍රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (12) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 326 ක් ලබා ලකුණු 261 ක් ඉදිරියෙන් සිටියේය.
තෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඉයන් බෙල් (නොදැවී 95) සහ ස්ටුවට් බ්‍රෝඞ් (නොදැවී 47) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් සිටියහ.
ඉයන් බෙල් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 228 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කිරීමට සමත්ව සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු අංක 11 පිතිකරු ලෙස ලෝක වාර්තාවක් පිහිටුවූ කෝඩුකාර වමතින් පා දග පන්දු යවන ඇෂ්ටන් ආගර් ලකුණු 82 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.
එංගලන්ත පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 215 (ජොනතන් ට්‍රොට් 48, පීටර් සිඞ්ල් 50/5) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 326 (ඇලෙස්ටියාර් කුක් 50, කෙවින් පීටර්සන් 64, ඉයන් බෙල් නොදැවී 95, මැතිව් ප‍්‍රයර් 31, ස්ටුවට් බ්‍රෝඞ් නොදැවී 47, මිචෙල් ස්ටාක් 66/2, ඇෂ්ටන් ආගාර් 82/2)
ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 280 (ස්ටීවන් ස්මිත් 53, පිලිප් හියුස් නොදැවී 81, ඇෂ්ටන් ආගර් 98, ජේම්ස් ඇන්ඩසන් 85/5, ස්ටීව් ෆින් 80/2, ගේ‍්‍රම් ස්වාන් 60/2)
ඉයන් බෙල්