එංගලන්තය පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණාවගේ


කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති තරගයේදී ලෝක ශූර එංගලන්ත පිල පරාජය කිරීම සිහිනයක් සැබෑ වුණා සේ තමන්ට දැනෙන බව ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන තරගයෙන් පසුව පැවසුවාය.
මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ආසන්නතම ලෝක ශූරියන් වන ප‍්‍රබල එංගලන්ත පිලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

‘‘මට විශ්වාසයක් තිබුණා අපිට තරගය ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම ලොකු-සූරිය තරගය අවසානය දක්වා රැුගෙන එයි කියලත් මට හිතුණා. චමරි අතපත්තු කණ්ඩායමේ සුවිශේෂි ක‍්‍රීඩිකාවක්, අතපත්තු සහ යශෝධා ලකුණු 103 සම්බන්ධතාවක් ගොඩනගමින් හොඳ ආරම්භයක් ලබා දුන්නා’’ යැයි ශෂිකලා වැඩි දුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 239 ක ජයග‍්‍රාහි ඉලක්කය කඩුලූ 9 ක් දැවී අවසන් පන්දුවේදී සම්පූර්ණ කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිලට ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණක් අවශ්‍ය වූ අතර ඩිලාන් මනෝදර හයේ පහරකින් තරගය අවසන් කිරීමට සමත් වූවාය.
47 වැනි  ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලට පන්දු 18 කදී ලකුණු 29 ක් රැස්කිරීමට සිදුවූ අතර 48 වැනි  ඕවරයේ ලොක-ුසූරියගේ හතරේ පහර දෙක සහ දීපිකා රසාංගිකාගේ හතරේ පහරත් සමගින් ලකුණු 16 ක් එකතු වීමෙන් ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැංවිණි.

මෙම ලකුණු 244 ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල හඹාගොස් ජය ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර ශ්‍රී ලංකා පිල 2011 වසරේ බංග්ලාදේශයේ පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 197 ක් හඹාගොස් ජය ලබා තිබුණි.

ශ්‍රී ලංකාව 1997 වසරේ සිට වසර 16 ක කාලයක් එංගලන්තය සමග තරග කර ඇති අතර මෙම ජයග‍්‍රහණය දක්වා ජය ලැබීමට සමත්ව නොසිටියේය.