එංගලන්තය සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් පාර්ක් ක‍්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවති විස්සයි 20 දිවා-රාත‍්‍රී කි‍්‍රකට් තරගයෙන් නවසීලන්තය පරදවා ලකුණු 40 ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත්විය.
එහිදී පන්දු 16 කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 42 ක් ලබාගැනීමට ලූක් රයිට් සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් අන්තර්ගත විය. එංගලන්ත පිල වෙනුවෙන් පිටියට පිවිසි පළමු පිතිකරුවන් 6 දෙනාම ලකුණු 20 සීමාව පසුකර යාමට සමත්වූහ. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එංගලන්ත පිලේ නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් ඕවර 4 ක් යවා ලකුණු 24 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය.
මෙම ජයග‍්‍රහණයත් සමඟ තරග 3 කින් සමන්විත එංගලන්තය සහ නවසීලන්තය අතර පවැත්වෙන විස්සයි 20 තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටී.
එංගලන්ත කණ්ඩායම කඩුලූ ඕවර 20 කදී 7 කට 214
(මයිකල් ලම්බ් 22, ඇලෙක්ස් හේල්ස් 21, ලූක් රයිට් 42, ඉයන් මෝර්ගන් 46, ජොනී බෙයාස්ටෝ 38, ජෝස් බට්ලර් 32, ටේරන්ට් බෝල්ට් 2/40, රොනී හීරා 2/42, ඇන්ඩෘ එලීස් 2/40)
නවසීලන්ත කණ්ඩායම ඕවර 2 කදී කඩුලූ 9 කට 174
(හමීෂ් රදර්ෆර්ඞ් 18, මාර්ටින් ගප්ටිල් 44, රොස් ටේලර් 13, කොලින් මුන්රෝ 28, රොනී හීරා 20, ස්ටුවට් බ්‍රෝඞ් 4/24, ස්ටීවන් ෆින් 3/39, ලූක් රයිට් 2/29)