එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරඟයකට අද එංගලන්තය සමඟ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාපිටියෙදී පැවැත්වෙයි. ආසන 23,500 සහිත ඕවල් පිටියේ සියලුම අවසරපත් දැනට විකිණී අවසානය. මේ අතරට ශ්‍රී ලාංකා කණ්ඩායමේ ජය ප්‍රාර්ථනා කරන දහසකුත් දෙනා ඇතුළත්වෙයි. නවසීලන්තය සමඟ පැවති මුල් තරගයේදී තරඟ විනිසුරුවන් ලබාදුන් සමහර තීරණ ශ්‍රී ලංකාවට අවාසිදායක වූ බව ලංකා කණ්ඩායමට සහයෝගය දක්වන ක්‍රීඩා ලෝලයින්ගේ මතය වී ඇතිබව පෙනේ.මෙම පිරිස් ඕවල් පිටියේ තරගය නැරඹීම සඳහාද කල්තියාම අවසරපත් වෙන්කරවාගෙන ඇත. ඒ කෙසේ වුවද අනපේක්ෂිත අන්දමට මේදිනවල එංගලන්තයේ ගිම්හාන ඍතුව සීත ඍතුවේ ස්වභාවයක් පෙන්නුම් කරන්නට පටන්ගෙන ඇත. අද (13) බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ පැවති නවසීලන්ත ඕස්ට්‍රේලියා තරගය අයහපත් කාලගුණය නිසා අතරමඟ නවතාදැමීමට සිදුවිය.
වැස්ස නිසා තරගය අවලංගු කිරීමේ හේතුවෙන් නවසීලන්තයයේ ලකුණු සංඛ්‍යාව 3 දක්වා ඉහළගිය නමුත් ඔස්ට්‍රේලියාවට තරඟ දෙකක් ක්‍රීඩාකිරීමෙන් පසුව ලබාගෙන ඇත්තේ ලකුණු දෙකක් පමණි. අද ඕවල් තරංග පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත තරගයෙන් ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජය ගත යුතුය. ශ්‍රී ලංකා එංගලන්ත තරගය පිළිබඳව බ්‍රිතාන්‍ය ක්‍රිකට් වාර්තා කරුවන් විවිධාකාර උපදෙස් සහ අනාවැකි ලියා ඇත. මේ අතර ඉහලින්ම පෙනෙන්නට තියෙන්නේ ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් අතර පැවති තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග පෙන්වූ උපාය දක්ෂ නිපුණ තාවයයි. මේගැන කියන සමහර විචාරකයින් පවසා ඇත්තේ "එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට දැනටමත් හීන්දාඩිය දමා ඇති" බවයි. මාලිංගගේ
ශූර පන්දුයවීමට තමන් මුහුණදෙන්නේ තිලකරත්න දිල්ශාන් ආරම්භකළ දැන් "දිලිස්කූප්" නමින් ක්‍රිකට් ඉතිහාස පොතට ඇතුළත්වී ඇති අසාමාන්‍ය පහරදීමේ විලාශය යොදාගනිමින් බව එංගලන්ත කණ්ඩායමේ හොඳම පිතිකරුවකුවන ජෝස් බට්ලර් කියයි. සමර්සෙට් ප්‍රන්තකන්ඩායමේ 22හැවිරිදි බට්ලර් එංගලන්තයේ නැගී එන ක්‍රිකට්
තරුවක් බවට පත්වී ඇත.එංගලන්ත කණ්‌ඩායම සමාරම්භක තරගයේදී ඔස්‌ටේ්‍රලියාව පරාජය කළේය. ඒ නිසා මේ වන විට 'ඒ' කාණ්‌ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට පත්ව සිටින ඔවුන්හට අද තරගය ජය ගතහොත් අවසන් පූර්ව වටයට පැමිණීම සඳහා වැඩි අවස්‌ථාවක් ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට නවසීලන්ත තරගය පරාජය වීම හේතුවෙන් අද තරඟය ජයගැනීම අත්‍යාවශ්‍ය වන තැනකට පත්ව ඇත.අද තරඟය සඳහා යම්හෙයකින් දේශගුණය මැදිහත් වුවහොත් එය ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් උදා කරන්නක් විය හැක.
ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග හයකදී හතර වරක් පරාජය වී ඇති අතර තරග දෙකක් පමණක් ජයගෙන තිබේ. සත්කාරක එංගලන්ත කණ්‌ඩායම ඕවල් ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහී ප්‍රතිශතය 59% ක් ලෙස පවත්වාගෙන යැමට සමත්ව තිබේ. එහිදී එංගලන්තය ශ්‍රී ලංකාව සමඟ තරග 38 කට සහභාගි වී ජයග්‍රහණ 15 ක් ලබා තිබේ.