ඌවේ ඉරිදා උදේ උපකාරක පන්ති නවතියි


එළැඹෙන වසරේ සිට ඌව පළාතේ ඉරිදා උදයවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා ගෙන ආ යෝජනාව අද (10) සභාවේදී සම්මත විය.

ඒ අනුව ඉරිදා පෙරවරු 6 සිට පස්වරු 1 දක්වා කාලයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බවත් පාසල් සිසුන් දහම් අධ්‍යාපනය කෙරෙහි යොමු කිරීම එහි අරමුණ බවත් කියති.

web20161110_112802_resized