ඌවත් වැටෙන ලකුණු


බස්නාහිර, නැගනහිර,  ඌව හා සබරගමු පළාත් සභාවල බලය විපක්ෂයට හිමිවීමේ ඉඩකඩ ඇතැයි වාර්තාවේ.

ඌවේ සන්ධාන මන්ත්‍රීවරු 19 ක් හා විපක්ෂයේ 15 දෙනකු ලෙස මුලින් සංයුතිය පැවතිනි. ජනාධිපතිවරණයට පෙර විපක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ආණ්ඩුවට එක්වීමත් සමඟ එය සන්ධානයට 20ක් හා විපක්ෂයට 14ක් ලෙස වෙනස් විය.

 සන්ධාන මන්ත්‍රීවරුන් හය දෙනකු විපක්ෂයට එකතුවීමේ සාකච්ඡා පැවැත්වෙන බවත්,  ආණ්ඩුකාරවරයාට ඔවුන් සිය දිවුරුම් ප්‍රකාශ භාර දීමට නියමිත බවත් දැනගන්නට ඇත.

එජාපයෙන් එංධානයට ගිය මන්ත්‍රීවරයකු ද, මයියංගනයේ ප්‍රභලයකු ද ඒ අතර වෙතියි දැනගන්නට ඇත.

අද පළාත් සභාව රැවූ අවස්ථාවේ ජවිපේ මන්ත්‍රීන් දෙදෙනා හැර විපක්ෂයේ කිසිවෙක් නොවූහ.

රජයෙන් ඉදිරිපත් කළ යෝජනා වලට ජවිපෙ මන්ත්‍රීන් දෙදෙනා විරෝධය පළ කළහ.