ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත ඌව පළාත් සභාවේදී ඡන්ද 21කින් සභා සම්මත විය. අද (9) පැවැති ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු සභා රැස්වීමට පැමිණ නොසිටියහ.

