ඌව සභාපති බුද්ධදාස : හරීන් විපක්ෂ නායක


ඌව පළාත් සභාවේ මංගල රැස්වීම අද (09)  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්විණි.

රහස් ඡන්දයෙන් නව සභාපති වුයේ   ඡන්ද 19 ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ එම් බුද්ධදාස මහතාය. එජාප අපේක්ෂක  උපාලි සමරවීර මහතාට ඡන්ද 13 ක්  ලැබිණි.එජාපයේ හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂ  නායකවරයාය.

සන්ධානයේ සාලිය සුමේධ මහතා ඡන්ද 19 ක් ලබා උප සභාපති විය.එජාප අපේක්ෂක ද මු ජයසිංහ බණ්ඩාර මහතාට හිමි වුයේ ඡන්ද 13කි.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නව සභාපති හා උප සභාපති  මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්  දුන්හ. සභාව 23 වැනි තෙක් කල් තැබිණි.

 

77

DSC00014