ප්‍රසාද් රුක්මාල්
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර අද (13) පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන චමින්ද ජානක තිස්සකුට්ටිආරචිචි මහතා සභාවේ කතා කිරීමට තමන්ට මයික්‍රෆෝනයක් නැතැයි කියා සභා ශාලාව තුළ මේසයක් මත නැගී විරෝධය පල කළේය.
ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.