ඌව සබේ අයවැය විවාදය කල් යයි


2017 වසර සඳහා ඌව පළාත් සභාවේ අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සභා ලේකම් සහභාගි නොවීම නිසා අඟහරුවාදා (29) තෙක් සභාව කල් තැබිණි.

සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා එසේ සභාව කල් තැබූ අතර ඌව සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මූල්‍ය නිලධාරිනය හදිසියේ එම තනතුරින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් මාණ්ඩලික නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සභා ලේකම් ඇතුළු පිරිසක් අද (28) අයවැය විවාදයට ගැනීමේ අවස්ථාවට සහභාගි නොවුහ.

web20161128_132128_resized web20161128_151636_resized

ඡායාරූප - ප්‍රසාද් රුක්මල්