ඌව පළාත් සභා ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අද (4) ඇරැඹිණි.
රාජ්‍ය සේවකයෝ 30657 දෙනෙක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති.
19985 දෙනෙක් බදුල්ලෙන් ද 10672 දෙනෙක් මොනරාගලින් ද ඡන්දය දායකයින් ලෙස ලියා පදිංචි වී සිටිති.
සිකුරාදා (05) ඡන්දය දිය හැකිය.එදින ඡන්දය දීමට නොහැකි වන අයට ලබන 11 වැනිදා ඡන්දය දීමේ පහසුකම් සලසා ඇත.

