ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා


(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

ඌරු ගොවිපළක සේවකයකු එහි දේපල සොරා ගෙන යමින් සිටියදී අල්ලාගෙන දෙපයින් එල්ලා පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව දෙබහැර ඌරලින් කන්ද, වලව් වත්ත වීරසූරිය කන්ද ලිපිනයේ ඌරු ගොවිපලක සේවකයකු ලෙස කටයුතු කල කාලිමුත්තු මහෙන්ද්‍රන් 42 නැමැත්තකු බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයාගේ ලිපිනයක් අනාවරණය වී නැති බව ද පොලිසිය සඳහන් කරයි .

දින දෙකකට පෙර මෙම ඌරු කොටුවේ සේවයට පැමිණ ඇති බව කියන මරණකරු එහි වාඩියක තිබු ලි කපන කුඩා මැෂින් එකක්, ග්‍රයින්ඩර් එකක්, කුඩා වැල්ඩින් ප්ලාන්ට් එකක්, ස්පැනර් එකක් ඇතුළු දේපළ සොරා ගෙන ගෝනියක දමා ගෙන යමින් සිටිය දී අද 26 අලුයම තුනට පමණ එහි සේවය කරන තවත් දෙදෙනකුට හමු වීමෙන් පසුු අල්ලාගෙන පොලු වලින් පහර දි ඇත. අ

නතුරුව එම වාඩියේම තිබු කොන්ක්‍රිිිට් කණුවක මිය ගිය අයගේ පාද ඉහලට හා හිස පහලට සිටින සේ බැද පහර දි ඇතැයිද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම සේවකයා මිය ගොස් ඇති බව හෙළි වීමෙන් රැහැන් ගලවා වාඩියේ බිම තබා ඇතැයිද හෙලි වී තිබේ.