සීගිරි රක්ෂිතය ආසන්නයේ දඹුල්ල ප්‍රාදේශිය සභාවෙන් සතියකට පෙර විවෘත කළ ඌරු මස් කඩය වසා දමන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී සිගිරියේ ධම්මින්ද හිමියෝ අද(26) යෝජනා කළහ. ඒ සමගම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ හිමියනට බැන වඳිමින් අපහාස කළහ.
සභාපති කේ.ජි.සෝමතිලක මහතා පැවසුවේ මේ විරෝධතාව පිළිබදව සොයා බලන බවයි.
ජනතා විරෝධයක් ඇත්නම් ඊට ඒ අනුව ක්‍රියා කරන බවද ඔහු කීවේය. එල්ල වු වාග් ප්‍රහාර මැද්දේම ධම්මින්ද හිමියෝ සභාවෙන් ඉවත්ව ගියහ.
තවත් මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභා රැස්වීමේ මෙතෙක් පන්සිල් දුන් ධම්මින්ද හිමියන් වෙනුවට වෙනත් හිමි නමක වැඩම කරවාගත යුතු බවයි.
ධම්මින්ද හිමියන් නොපැමිණි රුස්වීමකදී ඌරු මස් කඩය පිහිටුවීමේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ සමන්ත කරුණාතිලක හා මොහොමඩ් නිස්තාර් මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනා අද රැස්විම වර්ජනය කළහ. විදුලි බිල වැඩි කිරීම ඊට හේතුවයි.