ඌරු කොටු පාස්ටර්ට ඇප


තිස්සමහාරාම බෝගහාපැළැස්සේ ළමා නිවාසයක දරුවන් ලවා ඌරන් ඝාතනය කැරැවූ බව කියන ළමා නිවාසයේ බාරකරු  කොඩිතුවක්කු ආරචිචිගේ දයාරත්න දේවගැති   තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රත් පී.ඒ ජයසිරි මහතා විසින් රුපියල් ලක‍ෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හරිනු ලැබිය.

දේවගැති දයාරත්න වැඩ බැලූ මහේස්ත්‍රත් වරයාට පැවසුවේ මෙම ළමා නිවාසයේ ළමයින් 84 දෙනකු සිටින බවයි.  තමන් බන්ධනාගාර ගත කරන්නේ නම් මෙම ළමයින්ගේ බාරකරත්වය දැරිමට කවුරුන්  හෝ පත් කරන්නැයි ද, තම බිරිදත් දියවැඩියා රෝගයෙන් පීඩා විදින බවද ඔහු පවැසීය.
     ළමයින් කෘරත්වයට පත්කිරිම යටතේ මෙම පුද්ගලයාට එරෙහිව නඩු පැවැරීමට යයි. මෙම නඩුව ලබන අප්‍රේල් 8 වැනි දින විභාග කිරිමට නියමිතය.
තිස්සමහාරාම ප්‍රදේශිය සභාවේ සභාපති හර්ෂ ජයවිර මහතා පැවසුවේ මෙම ඌරු කොටුව නීති විරෝධි ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි. කිසිදු අයුරකින් අවසරයක් ගෙන නැති බවත් සතුන් ඝාතනය කිරිම සදහා රජයේ ද අනුමැතිය අවශ්‍ය බවත් මෙම ඌරු කොටුව පිළිබදව සෙයා බලා නීති මගින් ක්‍රියා කිරිමට කටයුතු කරන බවත් ජයවිර මහතා පැවසිය.

තිස්සමහාරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) වැනි දින