ඌරගහ රන්තොටුවිල තරුණයන් දෙදෙනකු අද (3) උදේ වෙඩිතබා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඝාතකයන් යතුරු පැදිවලින් පැමිණ ඇත.
මින් පැය බාගයකට පමණ පෙර මෙම ඝාතනය සිදුවී ඇතැයි කියති.
මැරුම් කෑ එක් අයකු ගරාජයක හිමිකරුවකු වන රංග විජෙසුරේන්ද්‍ර (23) බවත් අනෙක් තැනැත්තා ගරාජයේ සේවකයකු වන ඉෂාන් සංදික (24) බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත. දෙදෙනාම අවිවාහකයන් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ආරවුලකට මැදිවී ඇති බවත් කියති. මි.මී 9 උණ්ඩ කිහිපයක්
ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරද්දී මෙම ප්‍රහාරයට ලක්වී ඇත. එක් අයකු යතුරුපැදියේම මැරී සිටි බවත් අසල කඩුවක් වැනි තියුණු ආයුධයක් හා යකඩ පොල්ලක්ද තිබූ බවත් පොලිසිය කියයි.
(ඡායාරූප බී ඒ අමරසිංහ)







