උෳරු දඩයමේ ගිය තුනක් අත්අඩංගුවට


ඩබ්ලිව්.ඒ. අසේල

මීගමුවේ සිට  වල් ඌරන් දඩයම් කිරීමට ගියැයි සැකපිට පුද්ගලයින් තිදෙනෙකු සහ ඔවුන් රැගෙන ගිය බෝර දොලහේ තුවක්කුවක් පතරොම් එකොලහක් සහ රාත්‍රි ලාම්පු හතරක් (ඩ්‍රැගන් ටෝච්)   තලාතුඔය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මහනුවර රන්දෙනිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් වාහන පරීක්ෂා කරන අවස්ථාවේ මෙම කාර් රථය පරීක්ෂා කර ඇති අතර එවිට  තුවක්කු සහ පතොරොම් තිබී ඇත. 

අත් අඩංගුවට ගත් පුද්ගලයින් පවසා ඇත්තේ   ඌරන් දඩයමට යෑමට පැමිණි බවයි. මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු කෘෂිකර්ම උපදේශකයෙකු වන අතර තවත් අයෙකු පෞද්ගලික ආයතනයක අලෙවි කළමනාකරුවෙකු වේ.