හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නඩුව අතරතුර ඔහුට පක්ෂව අධිකරණයේ කෑකෝ ගැසීයැයි අධිකරණ සිර මැදිරියට දැමූ පුද්ගලයා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
සුදේශ ප්‍රේමලාල් ෆොන්සේකා (24) නම් එම සැකකරු පොලිසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එම සැකකරු කීවේය.

