ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම්වල තොරතුරු ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ නීතිඥවරුනට ගාස්තු නොගෙවා පරීක්ෂා කිරීමට ඉඩදිය හැකිද නැද්ද යන්න ගැන දෙසැම්බර් 17 වැනිදා වන විට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය.
මෙම තොරතුරු ලබාදෙන ලෙස උසාවිය සංවර්ධන බැංකුවට මීට පෙර නියෝග කළත් ප්‍රායෝගික ප්‍රශ්න නිසා බැංකුවෙන් තොරතුරු ලබාදී නැතැයි රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැන්වීය.
ශිරානි බණ්ඩාරනායකගේ ගිණුම් පිළිබඳ රහසිගත තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේද අනුදැනුම ඇතිව රජයේ ඉංග්‍රීසි පුවත්පතකට ,වෙබ් අඩවිවලට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුවත් ප්‍රකාශනයකට නිකුත් කර ඇති බවට කටකතා පැවති බවත් බණ්ඩාරනායක මහත්මියගේ නීතිවේදියා කියා සිටියේය. මහ බැංකු අධ්‍යක්ෂවරයා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් සේනාරත්න මහතා පැවසූයේ ඇය ඉල්ලන තොරතුරු දීමට බැංකුවට හැකියාවක් නොමැති බවයි. එසේ කිරීමට නම් දවසක තොරතුරු සැපයීමට පැය 6 ක් ගතවෙතියි ඔහු කියා සිටියේය.

