බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට පසුගිය 15 වැනි දා පහර දුන් බව කියන සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමේ දී අපක්ෂපාතීව කටයුතු කළැයි කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය බේරුවල පොලිසිය ප්‍රශංසාවට ලක් කළාය.
සැකකරුවන් වූ වසන්ත ජයමාල්, ඊ ඒ සංජීව, කුමාර පෙරේරා හා එම් කරුණාදාස ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරමින් ඕ පොලිසිය ඇගයීමට ලක් කළාය.

