නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් විභාග වෙමින් තිබියදී උසාවියේ සිටි පුද්ගලයකු සැකකරුවකුට දුම්කොළ පැකට් තුනක් විසි කිරීමේ වරදට ප්‍රධාන මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවමක් නියම කළේය.
බොරලැස්ගමුවේ බෝධිරාජ පුරයේ නිලන්ත සිරිවර්ධන (35)ට මෙම දඬුවම නියම විය.
උසාවියේ මහජනයා අතර සිටි ඔහු එක්වරම දුම් කොළ පැකට් විසි කරනු බන්ධනාගාර නියාමකයකු දුටුවේය.

