උසාවියට ගැහුවාට උතුරේ නීතිඥවරු වැඩ වරති


පුන්ගුඩුතිවු දැරිය සමූහ කෙලෙසීමට ලක් කිරීමේ සිද්ධියෙන් පසු සැකකරුවනට එරෙහිව පැවැති විරෝධතාවයේදී යාපන මහේස්ත්‍රාත් උසාවියේ ගොඩනැගිලිවලට අලාබ හානි සිදුකිරීමට විරෝධය පාමින් උතුරේ සියලු නීතිඥවරුන් අද සංකේත වර්ජනයක් ඇරඹූ බව යාපනය දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති එස්.සුදාස් කියයි.

‘අධිකරණයට එල්ලවූ ප්‍රහාරය මහ අපකීර්තියක්. පොලිසියටත් තුවාල සිදුකරමින් මහජනයා නීතිය අතට ගන්න හදනවානම් ඔවුන්ටත් නීතිය කියා දිය යුතුයි.‘

වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් හා යාපන අධිකරණ කටයුතුවලින් නීතිඥවරු අද ඉවත් වෙති.