උසාවියට අපහාස කළැයි 11ක් රිමාන්ඩ්


හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් උසාවියට අපහාස කළැයි කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු 11 දෙනකු මාර්තු 1 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

සද්ධාතිස්ස හිමියන්ට අමතරව හිටපු මන්ත්‍රී අක්මීමන දයාරතන හිමියන් ඇතුළු භික්ෂූන් සිව් නමක් සඳුදා (15) පොලිසියට බාර වූහ.

රිමාන්ඩ් කැරුණු 11 දෙනා අතර කාන්තාවක් ද ගිහි පිරිස 5 දෙනෙක් ද වේ. 

(ඡායාරූප ලහිරු හර්ෂණ)

IMG_2114 IMG_2120 IMG_2125 IMG_2126 IMG_2127 IMG_2128 IMG_2132