උසාවියට අපහාස කළ අය සොයයි


උසාවි නියෝග නොතකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

කොමිසම ඉදිරිපිට විරෝධතා නොපවත්වන්නැයි බදාදා (23) උසාවිය නියෝග කර තිබිය දී මේ උද්ඝෝෂණය පැවැත්විණි.

තමන් වෙනුවෙන් එහි පැමිණි පිරිසට ස්තුතිවන්ට වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් අමතමින් කීවේය.