මොරටු උසාවියට යමින් සිටියදී අත් පා හා ගෙලෙහි බරපතල කැපුම් තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත් ඔහුගේ වම් අතේ කැපී වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමේ සැත්කම මීට සුළු මොහොතකට පෙර විශේෂඥ ශල්‍ය වෛද්‍ය යසස් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබූ බව රෝහල් ආරංචි පවසයි.
ප්‍රදීප් නමැති එම පුද්ගලයාගේ අත්පාවල දරුණු කැපුම් තුවාල ඇති බවත් මන්නයක් වැනි ආයුධයකින් ඒවා කැපී ඇති බව පෙනෙතියි ද පොලිසිය කියයි.