මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කර උසාවියේ රාජකාරිවලට බාධා කළැයි සැකපිට බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රිමාන්ඩ් බාරයට පත් කළ ජනවාරි 26 වැනි දා උසාවිය අසල කළහ කළැයි සැකපිට තවත් හිමිවරු සිව් නමක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ හිමිවරුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වන විට හිමිවරු හය නමක් සහ ගිහියෝ පස් දෙනෙක් රිමාන්ඩ් බාරයේ පසුවෙති.

