ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ නීතීඥ ෆර්මාස් කාසිම් මහත්වරුන්ට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තරයේ අවවාද කළේය.
යළිත් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළොත් විනය නියෝග නිකු කරන බව ද අගවිනිසුරු පැවසීය.
අගවිනිසුරුවරයා මෙමේ පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වූ අවස්ථාවේය. මේ නීතීඥවරුන් දෙපළ අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට සූදානම් වූ අතර ඒ අවස්ථාවේදී ඔවුන් යළි කැඳවා මෙසේ අවවාද කළේය.
තමා වසර 38ක් අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කර ඇති බවත්, අධිකරණය මාර්කට් වෙළෙඳ පොළක් නොවන බවත්, අධිකරණයේ ගෞරවය සෑම අයකුම ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.