උසාවිය දුම්රිය දුවවයි


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට බාධාවන අයුරින් වැඩ වර්ජනය කිරීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.

මෙම වාරණ නියෝගය දින 14 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණයෙන් මෙම වාරණ නියෝගය නිකුත් කරනු ලැබුවේ දුම්රිය මගීන් තිදෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය.