සියයට 84ක් ඇතුළත් වීමේ ලකුණු ලබාගෙන සිටි දැරියක් කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලෙහි පළමු වසරට ඇතුළත් නොකිරීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දුකළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය වහාම එම විදුහලෙහි දෙවැනි ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා ලෙසට එම විදුහලේ විදුහල්පතිනියට නියෝග කළේය.
ඊට අමතරව ඇයට නඩු ගාස්තු වශයෙන් රුපියල් විසි දහසක මුදලක් ගෙවන ලෙස ද රජයට නියෝග කැරිණි.