ගම්පහ නැදුන්ගමුවේ ඌරුවල අක්කර පහක පමණ පවත්වාගෙන ගියා විශාල ඌරු කොටුවක් වසා දමන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද නියෝග කළේය.
මෙම ඌරු කොටුවේ ඌරන් පන් දහසක් පමණ සිටින බවත්, අවට ගම්මානවල වැසියන්ගේ සෞඛ්‍යට අහිතකර ලෙස එය පවත්වාගෙන යන බවත් රම්මුතුගල මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ එම් එස් කේ බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.