උසාවි සැරයන් උසාවියේදීම අල්ලස් දැලේ


යාපනය මහේස්ත්‍රාත් අධිකරණය භාරයේ තිබූ රියදුරු බලපත්‍රයක් නැවත ලබා දීමට රුපියල් 500ක අල්ලසක් ගත් බව කියන උසාවි සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.

යාපනය මහේස්ත්‍රාත්වරයාගෙන් ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම වැටලීම සිදු කර තිබේ.