උසාවි ලිපිකාරියට බැන රිමාන්ඩ් බත් කයි


හොරණ අධිකරණයේදී ඇප ලැබු  පුද්ගලයකු  සම්බන්ධ ප්‍රශ්නයකදී එහි ලිපිකාරියගේ නිවසට ගොස් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙක් හොරණ මහෙස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

අඟුරුවාතොට මදුරාවල පදිංචි හර්ෂ චන්දිමාල් එම පුද්ගලයායි.

ලිපිකාරිය මේ සම්බන්ධයෙන්  පොලීසියට පැමිණිලිකරමින් කියා ඇත්තේ  තම නිවස ආසන්නයේ පදිංචි දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකදී  උසාවියෙන් ඇප ලැබු පුද්ගලයකු ගැන    තමාගෙන් ප්‍රශ්න කළ සැකකරු ‘ඔහුට ඇප අත්සන් කළේ කවුද? උසාවියත් එක්ක මං ඒක බලා ගන්නම්‘.යනුවෙන් තර්ජනය කළ බවයි.

සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය. අඟුරුවාතොට පොලීසිය පැමිණිල්ල ඉදිරිපත් කළේය .