උසාවි නොගිය දොස්තර ගැන වෛද්‍ය සභාවට පැමිණිලි


කොළඹ ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඩී වී පතිරණ මිනී මැරුම් නඩුව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකළැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දන්වන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ලේඛකාධිකාරීට නියෝග කළේය.

 අධිකරණයේ පෙනී සිටින ලෙස මෙම  නිලධරයාට 14 වතාවක් සිතාසි නිකුත් කර තිබූ බව අධිකරණයේ දී සඳහන් විය.