නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා හොරණ බුලත්සිංහල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් අරඹා පැය තුන හමාරකට පසු මහේස්ත්‍රාත් නියෝගයකින් පාර විවෘත විය.
නියෝජ්‍ය ඇමැති උසාවි නියෝගයට ගරු කරමින් එතැනින් ඉවත්ව ගියේය.
ඉන් පසු පිරිසක් හා පොලිසිය අතර ගැටුමක් ඇතිවිය. ඉන් තුවාල ලැබූ බව කියන දෙදෙනකු රෝහල් ගතවූ බවද වාර්තා විය.
දින තුනක් ඇතුළත පාසලට ගුරුවරයකු ලබාදෙන බව බලධරයෝ නියෝජ්‍ය ඇමැතිට කීහ.
තෙවරප්පෙරුම මහ පාරේ වාඩි වෙයි @ 9.51
අඩිකෝදු හා පැන්සල් සිසුනට ගිල්ලවතියි කියන ගුරුවරයකු හා දේශපාලන පත්වීම් ලැබු බව කියන අධ්‍යක්ෂකවරයකු මාරු කරන ලෙස ඉල්ලා අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මව්පියන් පිරිසක් සමඟ හොරණ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මහ පාරේ වාඩී වී අද (06) උද්ඝෝෂණයක් ඇරඹුහ.
හොරණ බුලත්සිංහල ප්‍රධාන මාර්ගය දැඩි මාර්ග තදබදයක් ඇති වී ඇතැයි පොලිසිය පවසයි.
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSC03592[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035921.png)
![DSC03539[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035391.png)
![DSC03562[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035621-Copy.png)
![DSC03578[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035781.png)
![DSC03586[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC035861.png)
