උසාවි නියෝගය මැදමුලනේ අලවන්න බැරි වේ


දිවි නැගුම   දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන  මහා පරිමාණ මූල්‍ය  අක‍්‍රමිකතා  සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසට  කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබා ගත්  අධිකරණය නියෝගය  අද (26)  ඔහුගේ බාර දීමට ඒ මහතාගේ මැදමුලන නිවසේ ගිය අවස්ථාවේ එය බාර ගැනීමට  කිසිවකු ඉදිරිපත් නොවු බවත් අධිකරණ නියෝගය එය නැවත රැගෙන ඒමට පොලිසියට සිදු වූ බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන්  පෙරේදා (25) මෙම නියෝගය ලබාගෙන තිබු අතර එය බාර දීමට ගිය අවස්ථාවේ නිවසේ දොර ජනෙල් වසා දමා තිබූ බවද  එම ගෙදර ඔහුගේ නොවන නිසා එය එහි ඇලවීමට අවට සිටි අය විරෝධය පළ කළ බව ද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

basil_heathrew

 

බැසිල් රාජපක්ෂ  මහතා ඇමෙරිකාව බලා යන ගමන් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටු පළේදී ගත් ඡායාරූපයක්