උස්වැටකෙයියාවේ නිවාස කිහිපයකට සෙනසුරාදා රාත්‍රී මුහුදු ජලය පැමිණ ඇතැයි ගැමියෝ කියති. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය සුනාමි හෝ වෙනත් ආපදා තත්ත්වයක් නොවන බවයි. මෙම ප්‍රදේශයේ රළ සාමාන්‍යයෙන් මීටරයක් පමණ උසට නැගෙන බවත් සෙනසුරාදා රාත්‍රියේ එය මීටර දෙකක් පමණ උසින් යුතු වූ බැවින් මෙලෙස නිවාස කිහිපයකට ජලය පැමිණ ඇති බවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා කියා සිටියේය.