උසස්‍ පෙළින් පසු‍ පෞද්ගලික බස් රථ හිමි‍යෝ වර්ජනයකට සැරෙසෙති


(නිමල කොඩිතුවක්කු)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු දිවයින පුරා සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.


ඒ අනුව ලබන නමවෙනිදා සිට සියලුම බස්රථ ධාවනයෙන් ඉවත් කර අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තියත් සමග බස් කර්මාණ්තය බරපතල අර්බුදයකට මුහුන පා ඇති බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් කිසිදු විසදමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත්   බවද ගැමුණු විජේරත්න මහතා කීවේය.

කොරෝනා වයාප්තිය හමුවේ බස් කර්මාණ්තයට රජයෙන් කිසිදු සහනයක් නොලැබුන බවත් බස් සංගම් කළ යෝජනා වලට යහපත් ප්‍රතාචාර නොලැබීමෙන් බස් කර්මාණ්තය බරපතල අනතුරකට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දෛනකිව ධාවනය වූ පෞද්ගලික  බස්රථ 21000 සිට 12000 දක්වා අඩු වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.