
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර (විෂය) දහයක ප්‍රධානීන් එම ප්‍රශ්න පත්‍ර බැලීමේ කටයුතු ඊයේ ( 24) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25)පැවසීය.
මේ අනුව මෙම ගැටලුව අද හෙටම විසඳෙනු ඇතැයි විභාග කොමසාරිස්වරයා දැනුම් දුන් බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර උත්තර පත්‍ර පරීක්ෂා කරන අංශ සංඛ්‍යාව වැඩි කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා පවත්වන බවද ප්‍රකාශ කළේය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
අද මතුවෙලා තියෙන ප්‍රශ්නෙ මම දැක්කේ මාස දෙකකට කලින්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සමඟ මම පළමුවැනි සාකච්ඡාව කළා. පස්සේ භාණ්ඩාගාරය සමඟ දෙවැනි සාකච්ඡාව කළා. ඒ සාකච්ඡාවේදී ඉල්ලීම් හතරක් ඉදිරිපත් වුණා. පළමු ඉල්ලීම බදු ප්‍රතිපත්තිය. ඉදිරිපත් වුණු සියලුම ඉල්ලීම් විසඳලා තියෙනවා. මම මගේ පරිමාවෙන් ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගත්තා.

