මෙවර උසස් පෙළ විභාගයෙන් දිවයිනේ හොඳම ප්‍රතිඵල පෙන්වූ විශිෂ්ටතම පාසල බවට පත්වීමට කුරුණෑගල මලියදේව පිරිමි විදුහල සමත් වී සිටියි.
ඒ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේම පළමුවැනියා සමග හයවැනියාද ඊට අමතරව ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා සහ පස්වැනියා ද ඒ පාසලේ නිසාය.
වාණිජ අංශයේ දිවයිනේම පළමුවැනියා ලෙස අකීල් මොහොමඩ් සිසුවාද, ගණිත අංශයෙන් දිවයිනේම දෙවැනියා ලෙස නදීෂාන් ධනංජය කුමාර දිසානායක සහ පස්වැනියා ලෙස මෙවන් විජේවර්ධන ද වාණිජ අංශයෙන් දිවයිනෙන් හය වැනියා ලෙස ගයන්ත ජයසූරිය ද මලියදේව විදුහලට මෙම ඵෛතිහාසික කීර්තියක් උදාකැර දුන්හ.
කොළඹ අභිබවා පෙරට ඒමට කුරුණෑගල දිස්ත්‍රික්කය සමත්විය.
එසේම මෙවැනි කුසලතා සහිතව මෙතෙක් දිවයිනේ පාසලක් වාර්තා කළ ඉහළම විභාග ප්‍රතිඵලයද මෙයවන අතර මලියදේව විදුහල් ඉතිහාසයේ වාර්තා කැරුණු හොඳම විභාග ප්‍රතිඵලයද මෙයවේ.
වයි.ජී.තිලකරත්න මහතා මේ පාසලේ විදුහල්පතිවරයාය.

