උසස් පෙළට ගිහින් පහත් වැඩක් කරති


කටුගස්තොට හා අවට නිවෙස්හි යතුරු පැදි හා ත්‍රීරෝද රථ මහ රෑ පැහැර ගෙන ගොස් ඉන්ධන අවසන් වන තුරු රවුම් ගසා ඉන්ධන අවසන් වූ පසු මහ මඟ දමා යාම විනෝදයක් කර ගෙන සිටි බව කියන උසස් පෙළ සිසුහු තිදෙනෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.