උසස් පෙළ හපන්නු


ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පියුමි ධනංජනා වාණිජ අංශයෙන් ශ්‍රී ලංකාවේ පළමුවැනියා ලෙස සමත්ව සිටියි. වාණිජ අංශයේ දෙවැනි ස්ථානය පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී හිමිකර ගෙන ඇත.

කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සවින්දී නෙත්සලා සිසුවිය හිමිකරගෙන අැත.

ජීව විද්‍යා අංශයෙන්  දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ හිරුණි උදාරා සිසුවියද, ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය යාපනය හින්දු  විද්‍යාලයේ පාක්‍යරාජා දරුකීසාන් විසින්ද  හිමිකරගෙන ඇත.

උසස් පෙළ ප්‍රතිඵල අද(27) සවස අන්තර්ජාලයට එක් කර තිබූ අතර www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

IMG_0871 saj

 

DSCN2743

පානදුර බාලිකා විද්‍යාලයේ එස්.ඒ.රවින්දි සංදිනී