උසස් පෙළ ප්‍රතිඵල අද රෑ එයි


(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (29) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

උසස්පෙළ විභාගයට මුහුණදුන් සිසු සිසුවියන්ට තම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ඔස්සේ හෙට (30) උදෑසන සිට බලාගැනීමට හැකිවනු ඇත.