අපොස සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් විද්‍යා, කලා, වාණිජ පන්ති ඇති පාසල්වල (1ඒබී පාසල්) සිසුන් ජනප්‍රිය පාලසකට ඇතුළු වීම වලක්වාලමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර ඇති චක්‍රලේඛයට විරුද්ධව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
‘උසස් පෙළ ජනප්‍රිය පාසල් අහිමි සිසුන්ගේ දෙමාපිය සංසදයේ‘ රැස්වීමක් අමතමින් ඔහු එළෙස ලෙස සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ ඒ 9 හා ඒ 8 සාමාර්ථ ලබා ගත් සිසුන්ගේ දෙමාපියෝ 60ක් පමණ එම රැස්වීමට සභාගී වූහ.
කොළඹ ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයයකට උසස් පෙළට අයදුම් කළ සිසුන්ට එහි සම්මූඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ඇතුළත් වීමට සුදුසුකම් ඇතැයි කියමින් අස්වීම් සහතිකය රැගෙන ඒන ලෙසට ලිඛිතව දන්වා ඇති බවත්, අස්වීම ගෙන ජනප්‍රිය පාසලට ගිය විට නව චක්‍රලේඛය නිසා ඇතුළත් කර ගත නොහැකි බව දැන්වා ඇති බවත්, ඒ නිසා දැන් තම දරුවන්ට පාසල් දෙකම අහිමි වූ බවත්, තම දරුවන් දැඩි මානසික පසුබෑමකට ලක්ව ඇති බවත් දෙමාපියෝ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ ද පැවසීය.
‘නව චක්‍රලේඛය නිසා බොහෝ සිසුන් මානසිකව ඇද වැටිලා ඉන්නේ. සමහර පාසල්වල සිසුන් ගන්නවා කියලා ලිඛිතව දන්වා තිබියදීත් නව චක්‍රලේඛය නිසා ඇතුළු කර ගන්නේ නෑ. ඒ 9, ඒ 8 ගත්ත දක්ෂ සිසුන්ට කැමති පාසල් අහිමි වෙලා.‘
ලබන සතියේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද දෙමාපියෝ කතිකා කර ගත්හ.