
(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන්ට අදාල සංශෝධිත කාල සටහන විභාග දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළේය.
ඒ අනුව ජනවාරි මස 12 වැනි දින පෙරවරුවේ ගෘහ ආර්ථික විද්‍යාව පැවැත්වෙන අතර පස්වරුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජනවාරි මස 13 වැනි දින පෙරවරුවේ ගිණුම්කරණය අරාබි සහ චීන භාෂාව යන විෂයන් පැවැත්වෙන අතර එදින පස්වරුවේ ශ්‍රී ලංකා ඉතිහාසය සහ මැලේ භාෂාව යන විෂයන් පැවැත්වෙන බවත් 14 වැනි දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙන අතර හින්දි සහ කොරියන් භාෂා විෂයන් පස්වරුවේ පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද ජනවාරි මස 16 වැනි දින ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය උසස් ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය සහ ග්‍රීක හා රෝම ශිෂ්ඨාචාරය රුසියන් සහ ජපන් භාෂාව පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරුවේ පැවැත්වෙන අතර පස්වරුවේ භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන බව විභාග දෙපා ර්ත මේන්තුව සදහන් කරයි.
තවද ජනවාරි මස 17 වැනි දින ගණිතය දෙවන පත්‍රය රුසියන් සහ ජපන් භාෂා දෙවන පත්‍රය පෙරවරුවේ පැවැත්වේ
එදින පස්වරැවේ භූගෝල විද්‍යාව දෙවන පත්‍රය පැවැත්වේ.
ජනවාරි මස 19 වැනි දින හින්දි දෙවන පත්‍රය සහ කොරියන් භාෂාව දෙවන පත්‍රය පැවැත්වේ
එදින පස්වරැවේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පළමු පත්‍රය සහ ජනවාරි මස 20 වැනි දින උසස් ගණිතය දෙවන පත්‍රය ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය දෙවන පත්‍රය පෙරවරැවේ පැවැත්වේ එදින පස්වරුවේ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය දෙවන පත්‍රයට අදාල විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර ආපදාවන්ට ලක් වූ පාසල් සිසුන්ට සිය විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට නොහැකි නම් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කළ යුතු අතර විදුහල්පතිවරුන් ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා විභාග කොමසාරිස් දැනුවත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ආපාදාවට ලක් වූ පෞද්ගලික අයදුම්කරුවන්ට නියමිත විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටිමින් නොහැකි නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 011 2784537 011 278 6616 011 278 4208 යන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දිය යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

