රුපියල් එක් කෝටි විසිලක්ෂයක වියදමින් මීටර් සියයක් උස නත්තල් ගස ගාලු මුවදොර දී ලබන 22 වැනි දා වන විට වැඩ නිම කරන බව කොළඹ වරාය කියයි.
මෙම නත්තල් ගසට රජයේ මුදල් සතයක්වත් වැය නොවන බව රනිල් වික්‍රමසිංහ අගමැති හා මුදල් ඇමැති රවී කරුණානායක මහත්වරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමාට සැල කර සිටියහ.
මෙවැනි දේ වලට නිකරුණේ මුදල් වැය නොකර එම මුදල් දුප්පතුන්ගේ යහපත වෙනුවෙන් වැය කරන්නැයි කාදිනල් තුමා පැවසීමෙන් පසු ලොව ලොකුම කෘත්‍රිම නත්තල් ගස ඉදිකිරිමේ වැඩ නතර විය. යළි එහි වැඩ දැන් කරගෙන යයි. වැඩ නතර කරන විට නත්තල් ගස මීටර 60 ක් දක්වා ඉදිකර තිබිණි.
ගිනස් වාර්තා පොතට ද ඇතුළු වීමට ඉඩකඩ ඇති මෙම නත්තල් ගස දින දහයක් ප්‍රදර්ශනය කිරිමට නියමිතය.